ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම

ආර්‍ය මෛත්‍රී භාවනාවෙන ලබන සැනසීම“අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් අප්‍රමාණ වූ ධර්මස්කන්ධයෙන්, සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාළා වූ සුඅසු දහසක් ධර්මස්කන්ධය අතරේ මේවන විට අර්ථ විපරීතව සැඟව ගිය දහම් කොටස් බොහෝ වන අතර, මෛත්‍රී භාවනාවද ඒ අතර වූ ඉතා සුවිශේෂී වැදගත්කමක් ඇති දහම් කොටසකි.

බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මෛත්‍රී භාවනම් උන්වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට දේශනා කළ නොහැක යන්න බුද්ධ දේශනාවයි (සං.නි.5(1)- 218 පිටුව – භලිද්දවසන සූත්‍රය හෙවත් මෙත්ත සුත්‍රය). එකී මෛත්‍රී භාවනාව නම් මෙලොව පරලොව අභිවෘද්ධිය සලසමින් උත්තරීතර වූ ලෝකොත්තර ධ්‍යාන මගඵල ලබා අරිහත්වයෙන් කෙළවර වීමට මග සලසන්නකි. එහෙත් එවන් මහා වටිනාකමක් ඇති ආර්‍ය වූ මෛත්‍රී භාවනාව අද වන විට විද්‍යාමානව පවතීද යන්න සැක සහිතය. මන්ද එසේ විද්‍යාමනව පැවතුනා නම් අදත් ඒ උත්තරීතර වූ ධ්‍යාන මගඵල නොඅඩුව ලැබිය යුතුය.”

ඉහත වචන පෙල “සැඟවුණ බොදු මග යළි පුබුදන – ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම” යන වටිනා දහම් ග්‍රන්ථයේ පූර්විකාවෙන් උපුටාගන්නා ලද කොටසකි. එම ග්‍රන්ථය පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් සම්පාදනය කරන ලදි.

මෙම වටිනා දහම් ග්‍රන්ථය මෙතැනින් බාගත හැක.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

2 Responses to “ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම”
casc Posted on July 28, 2011 at 7:33 pm

දහම් ග්‍රන්ථය ලබා දුන්නට බොහොම ස්තුතියි

ආර්යන් Posted on March 17, 2012 at 2:32 pm

අයියෝ, ධර්මය බෙදා හරිනකොටවත් තණ්හාව ප්‍රහීන කරලා copy protection අයින් කරන්න.

Post a Comment