සිව්පිළිසිඹියාව

සිව්පිළිසිඹියාවපහන් එලියත් එලියක්, බල්බ් එලියත් එලියක්, හඳ එලියත් එලියක් අවසානයේ ඉර එලියත් එලියක්. නමුත් මේ කිසිම එලියකට හිරු එලියට සමකරන්න බැහැ. ඒ වගේම තමයි බුදුපියාණන්වහන්සේගේ සිව්පිළිසිඹියා ඥාණය. දහම් වල අර්ථය.. ධර්මය මොකද්ද අධර්මය මොකද්ද යන්න .. ඒ ඒ පද වල වෙන් වෙන් වශයෙන් කියු අර්ථ සහ ඒවා ධර්මානූකූලව තේරුම් ගැනීමේ හැකියාව යනුවෙන් අර්ථ, ධම්ම, නිරුක්ති සහ පටිභාන වශයෙන් ගැනෙන සිව්පිළිසිඹියාව බුදුපියාණන්වහන්සේගෙන් පටන් පහලට ඒ ඒ ශ්‍රාවකයාගේ මට්ටමට නැගිලා, ඒ මට්ටමෙන් අරිහත් ඵලයදි උපරිමත්වයට පත්වෙනවා.

සිව්පිළිසිඹියාව යම් මට්ටමකවත් නැතිනම් සෝවාන් වෙන්නවත් බැහැ. ඒක කොහොමද වෙන්නෙ කියලා ගැටළුවක් ඇති.

මේ ධර්මදේශනාව අහලා විසඳගමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

No Responses to “සිව්පිළිසිඹියාව”

Post a Comment