20
Jan
පටිච්චසමුප්පාදය දැකීමට පදවැල දැනගෙන ඉන්න ඕනද?
Posted by Fiqri Ismail, under ධර්ම දේශනා, ශ්රී සද්ධර්මය“යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති” යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි. යන බුදුවදනට අනුව දහම් අවබෝධය ලැබු පුද්ගලයකු පටිච්චසමුප්පාදය දැකිය යුතුය.
නමුත් බොහෝ දෙනා සිතා සිටින පරිදි එම ධර්මාවබෝධය ලැබු තැනත්තා, අවිද්යා පච්චයා සංඛාරා ආදි පදපෙල දැනගෙන සිටිය යුතුද ? පද පෙල දැන්ගත්ත පලියට දහම් අවබෝධයක් ලැබී තියෙනවාද ? දහම් අවබෝධය ලැබුන කෙනාට පදපෙල නොදැන සිටියා කියා එහි අඩුපාඩුවක් වෙනවද ?
මේ මනරම් ධර්ම දේශනාව අසා එම ගැටය ලෙහා ගමු.
මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න
Post a Comment