අනිමිසලෝචන පූජාව මහා කළගුණ සැලකීමක් වන්නේ කෙසේද?
Posted by Nayana Kumudhuni, under දහම් ඇසින්අනිමිස ලෝචන පුජාව කියන්නෙ මොකක්ද අහපුවාම සතියක් ඇහිපිය නොහෙලා බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා කියපු කතාව තමයි අපට උගන්නලා තියෙන්නේ. ඇයි එහෙම කලේ කියලා ඇහුවොත් පිට දෙන්න හේතු වෙච්ච නිසා කළගුණ සැලකීමක් හැටියට එය කළා කියල කියනවා. එතකොට ඉදගෙන හිටිය ආසනයට කොච්චර කල ගුණ සලකන්න ඕනෙද කියලත් සලකලා බලන්න වටිනවා. ඇත්තටම උන්වහන්සේ සතියක් නිකන් බෝධිය දිහා බලාගෙන හිටියද? සමහර විට මේවා පසේසෙ බුදු දහමට එකතු කර ගත්ත ආචාර්ය වාද වෙන්න පුළුවන්. අපි මෙතනදි දකින්න ඕනේ සාර අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, බුද්ධත්වයට පත් වෙලා සතියක් ගතකරගෙන කරපු කළගුණ සැලකීම මොකක්ද කියලා.
උන්වහන්සේ බැලුවේ බෝධිය දිහා. දැන් ප්‍රශ්නයක් එනවා මොන බෝධිය දිහාද කියන එක. බෝධි තුනක් තියෙනවා. ලොව්තුරා බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය කියල. යම් කෙනෙක් බුද්ධත්වයට පත් වීම සදහා යම් මාර්ගයක් අනුගමනය කරන්න පටන් ගත්තා නම් මෙන්න මේක තමයි ලොව්තුරා බෝධිය. එතන ඉදගෙන උන් වහන්සේ බැලුවේ බුද්ධත්වයට ආපු මග. කළගුණ සලකන්න මෙන්න මේ මග තමයි බැලුවේ. මොකද, බලාපොරොත්තු වුනු තත්ව තානාන්තරය ලැබුනා. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු ප්‍රතිඵලය ලැබුනා. බලාපොරොත්තුව ඉටු වුනා. බලාපොරොත්තුව ඉටු වුනාට පස්සේ උන් වහන්සේ බැලුවේ මම මෙතනට එන්න කී දෙනෙකුට පොරොන්දු දීල තියෙනවද (මමත් එතෙර වෙලා ඔබත් එතෙර කරන්නම්…), කී දෙනෙක් මට සලකල තියෙනවද, උදව් කරල තියෙනවද, උපකාර කරල තියෙනවද මේ තත්වයට පත්වෙන්න. මම කී දෙනෙකුට යහපතක් කරන්න පොරොන්දු දීලද, තින්දු තීරන දීලද මෙතනට ආවෙ. මෙන්න මේ කාරණය එකක් නෑර සලකලා බැලුවා. උන්වහන්සේගේ මහා ප්‍රඥාව සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුල පාරමිතා පුරපු කාලය බලන්න.. ඊටත් එහා විසි අසංඛ්‍ය කල්පයක් තුල පටන් ගත්ත ආරම්හය මොහොතක් නෑර බලන්න, මහා නුවණ මෙහෙය වන්න දින 7ක් ගියා. ඒ බැලීමෙන් අස්සක් මුල්ලක් නෑර සියලු තැන්, සියලු දේවල් බලාගෙන ගියා. මම යම් අයට පොරොන්දු දීල තියෙනවද.. මගෙන් ඉල්ලීම් කරල තියෙනවද.. ඉල්ලීම් අරගෙන මම අනිත් අයගෙන් ඇප උපස්ථානයක් හරි අරගෙන තියෙනවද.. ඒ ඇප උපස්ථාන දුන්න අය මොනවද මගෙන් ඇහුවේ, මොනවද මගෙන් ඉල්ලා හිටියේ. මම ඒ අයට මොනවද කිව්වේ, කොහෙද ඒවා සිද්ද වුනේ, ඒ අය දැන් කොහෙද ඉන්නේ, මගෙ පොරොන්දුව ඉටු කරන්න පුළුවන්ද දැන්.. මේ ආදී සියල්ල බලන්න තමයි මේ කාලය ගතවුනේ.
ඒ බලා ගැනීමේදී දුටු අයට තමයි මහා කරුණාවෙන් ඊට පස්සෙ ඒ සුදුසු අවස්ථාවන්හිදී උන් වහන්සේ වැඩලා හරි අවශ්‍ය කරන ධර්ම දේශනා කරලා යක්ෂයෝ වෙලා හිටපු අය හරි බේර ගත්තේ. මහා විනාශයට යන්න හිටපු මහා මිනීමරුවො හරි එතනින් බේර ගත්තේ. හේතුවකුත් තිබුනා, අවස්ථාවත් හැදිලා තිබුනා. මේ ලෝකෙ තිබුනු විවිධාකාර දේවල් දෘෂ්ඨි වලින් වැහිලා විකෘති වෙලා තිබුනු ලෝකයක් තුල අවශ්‍ය තැනට සුදුසු විදියේ කටයුතු කරලා ඒ ඒ අවස්ථාවන්ට උචිත ප්‍රයෝග සම්පත්ති මුල් කරලා ඒ තැන් වලින් බේර ගත්තා. මෙන්න මේකෙදි අවශ්‍ය කරන්නා වූ මුල් පුරපු වැඩ පිලිවෙල තමයි උන් වහන්සේ කළගුණ සැලකීමට කලේ. දැන් ඕකෙ කොච්චර වටිනාකමක් තියෙනවද…
එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉටු කළගුණ සැලකීම අපි තේරුම් ගත්තා නම් කවදාවත් අධර්ම ලෝකයක් ගොඩ නැගෙන්නෙ නෑ. ඕක ලෝකයට වටිනාම දහම් සෙතක් වෙනවා. ගහක් දිහා බලාගෙන හිටන් හිටියට මේ එකක්වත් තේරෙන්නෙ නෑ. මේකෙ වටිනාකම මොකක්ද කියල දකින්නේ නෑ. එහෙනම් අනිමිස ලෝචනය කිව්වේ උන් වසන්සේ හැරිලා ගස් දිහා බලාගෙන හිටියා කියන එක නෙමෙයි. ඔන්න ඔය කියන බෝධිය කිව්වේ ලොව්තුරා බෝධිය. ලොව්තුරා බෝධිය කියන්නේ ගහක් නෙමෙයි. ජය ශ්‍රී මහා බෝධිය කියන්නේ වෙනම එකක්. ඒක නෑ කියන්නෙ නෑ. ඒක භෞතික වශයෙන් මෙලොව බුද්ධත්වයට පත් වෙන්න පාරමිතා පුරපු බලෙන් බුද්ධත්වයට අවශ්‍ය කරන භාහිර ආයතනයක් වශයෙන් ලොව පහල වෙච්ච දෙයක්.
ඉතින් ඕක තමයි අනිමිස ලෝචන පූජාව දකින ක්‍රමය.
මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න
GOOD POST
තමන් වහන්සේ උදාහරණයක් වශයෙන් සලකා කලගුණ සැලකීමේ වැදගත් කම සත්වයාට පහදාදීමට අනිමිස ලෝචන පූජාව කල බවයි මම සලකන්නෙ.
< <තමන් වහන්සේ උදාහරණයක් වශයෙන් සලකා කලගුණ සැලකීමේ වැදගත් කම සත්වයාට පහදාදීමට අනිමිස ලෝචන පූජාව කල බවයි මම සලකන්නෙ>>
සරත් මහත්මයා පිලිගන්න අදහස පැහැදිලි නැහැ.
sarath gunarathnage mathayata mama ekanga wemi.lipiya liyapu kenaa idiripath karapu de eyage mathaya wenna puluwan.thama thama nana pamana anuwa budu dahama therum ganithwa.eth dharmaya gana lipi liyana kota thamange adahas budu dahamata ekathu kireemen anagathaye ewa darmayata ekathu weemen dharmaya vikurthi wewida danne naha.parissamen blog liyanna me gana.
“විසි අසංඛ්‍ය කල්පයක් තුල පටන් ගත්ත ආරම්හය..” කියන්නෙ කොතනටද? කවද පටන් ගත්ත තැනද? අම්මගෙන් විවරණ ගත්ත තැන ඉදලද?
කිසිවකු කිසිවකුගේ පෞද්ගලික මත පිලිගත යුතු නැහැ. මොකද අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ මුල, මැද, අග පිරිසිදු වූ ස්වාක්ඛාත ධර්මයක්. එකතු කළ යුතු හෝ අඩු කළ යුතු කිසිවක් ඒ තුළ නැහැ. ඒ දක්වා තිබෙන අදහස් සම්බන්ධයෙන්……
මෙම ලිපිය හරියට පහලට ගලන ගඟ ඉහලට හරවන්න ගත්ත උත්සහයක් වගේ. උත්සහයේ ගැටළුවක් නැහැ. මොකද මේ ධර්මයේ හැසිරීමත් උඩුගම් බලා යාමක් නෙ. නමුත් සියළු දෙනාගේ හිතසුව පිණිස මේ ධර්ම කරුණ උපුටා ගත් ස්ථානය සඳහන් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා. එතකොට සැක තියෙන අයට ඒවත් පරිශීලනය කරන්න පුළුවන්නෙ. සැකයෙන් යුතුව ධර්මය දිහා බැලීමත්, ධර්මයේ නාමයෙන් පෞද්ගලික මත සමාජගත කිරීමත් බොහොම භයානකයි.
බුදු දහමෙත් පොඩි පොඩි ප්‍රශ්න තැන් තියෙනව නෙද? උදාහරන්යක් විදියට නිර්වානය කියන්නෙ මොකද්ද කියලා හරියට පැහැදිලි නැ. නිවන කියන්නෙ ආයිත් ඉපදෙන්නෙ නෙති එක නෙද? ඇයි අපි එහෙම කරන්නෙ ඔන කියල හරියට පහදිලි කරල දෙන්න පුලුවන්ද? නිවන වර්තමනයටත් වල0ගුද?
යහපත් චේතනාවකින් පටන්ගත් මේ සටහනේ සමහර කරුණු නිසා අපි කිසිවෙක් හිත් අමනාප කර ගැනීම අපේ ඩුදු රජානන් වහන්සේට කරන නින්දාවක්. මෙහෙම් හිතමු. කල ගුණ සැලකීම ගැන බුදු රජානන් වහන්සේ නොයෙක් තැන්වල සඳහන් කරල තියෙනව. මංගල සූත්‍රයේ ගාරවෝච නිවාතෝච, සන්තුට්ඨීච කතඤ්ඤුතා… යනුවෙන් කලගුණ සැලකීම ගැන දේශනා කරල තියෙනව. බුදු හිමියෝ සියල්ල දත් සේක. සාමාන්‍ය මනුශ්‍යයාගේ දුර්වලකම් දන්නා සේක. අද සමාජයේ කලගුණ තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? කලගුණ සැලකීම වැනි උතුම් ගුණයක වටිනාකම, එහි යහපත් බව, ලොවට කියාපෑමට බුදුහිමි , තමන්ට බුදු වීමට උපකාර වුණු ස්වභාව ධර්මයාගේම කොටසක් වූ ඒ වෘක්ෂ රාජයා දෙස කෘතඥ පූර්වකව බලා සිටියේ මනුශ්යයාට ඒ පූජාවෙන් ආදර්ශයක් ගැනීම උදෙසාය. මම හිතුවෙ එහෙමයි.
මම මේ ලිපියට පිලිතුරු ලියන්නෙ මමත් මේකට සම්බන්ද නිසා. යම් කෙනෙක් බුද්ධ ධර්මය විකෘර්ති කරනවා නම් සහ Blog එකක ලියලා ලෝකයට ප්‍රසිද්ද කරනවා නම් ඒක බොහොම භායානක දෙයක්. මෙතන එහෙම දෙයක් වුනා නම් මමත් ඒකට සම්බන්දයි. ඒ දේ දැනගෙන තමයි මේ උතුම් කලගුණ සැලකීම පෙන්වන්නේ. ආ… මේ අදහස වැරදි නම් බුද්ධ ධර්මය නෙමෙයි විකෘර්ති වෙන්නේ සාසන ඉතිහාසයයි. මෙම ලිපියෙන් පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාන කලගුණ සැලකීම එසේ මෙසේ එකක් නොවන බවයි.
පෙල දහමේ “දුතියංචං අනිම්මිසං” කියලා සදහන් වෙනවා මිසක් ජය ශ්‍රී මහා බෝධිය දිහා අපසු හැරි සතියක් ගත කරපු එකක් සදහන් වන්නේ නැහැ. පසුව ආපු ආචාර්ය වාද වලින් තමයි ඔය අදහස ඇවිත් තියෙන්නේ. මෙතන බෝධිය දිහා හැරිලා බැලුවා කියන එක තමයි පැටලෙන්න ඇත්තේ. ලොව්තුරා බෝධිය දිහා අපසු හැරිලා බලපු එක වැරදි විදියට තේරුම් ගන්න ඇති.
අපිට පොඩිකාලේ ඉදලා දොස්තර මහත්මයෙක් වෙන්න අදහසක් තිබුනා කියලා හිතමු. අපේ දෙමව්පියෝ අපේ අවශ්‍යතා ඉටු කරලා අපිට වියදම් කරලා බොහොම මහන්සියෙන් උගන්වනවා. අපිට පොඩි කාලේ ඉදන් හොද නරක සහ ශිලප සාස්ත්‍රය උගන්වන්න ගුරුවරුත් මහන්සි වෙනවා. අන්තිමට අපි අවසාන දොස්තර විභාගයනුත් ජය ගත්තා කියලා හිතමු. දැන් අවුරුදු 25ක් විතර ගිහිල්ලා. දැන් කලගුන සලකන්න දොස්තර කෙනෙක් වෙන්න ආපු මග ආපහු බැලුවොත් මොකද්ද අපි දකින්න ඕනේ. අවසාන විභාගයට ලියන්න ඉද ගත්ත පුටුවද? අපි වෙනුවෙන් වෙන්කරලා තිබුන මේසයද?
@hemalaya
ලෝකය අත්හැරීමෙන් , මිදීමෙන්, නොඇල්මෙන් ලබන ශාන්තියයි නිවන කියන්නෙ.. ඉතින් ලෝකෙය් තියෙනව වචන වලින් නිවන විස්තර කරන්නෙ කොහොමද.
ඇයි අපි නිවන් දකින්න ඕන කියන එකට හොඳ දේශනාවක් මෙතන තියෙනවා. ඒක අහන්න..
http://www.hiddendhamma.net/saddharmaya/aryamaga/55-dukanoasudahama
@charitha
මනෝ ප්‍රණිදාන කාලය = කල්ප අසංඛ්‍ය 7
වාක් ප්‍රණිදාන කාලය = කල්ප අසංඛ්‍ය 9
කාය වාක් ප්‍රණිදාන කාලය = කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1
මුළු පාරමිතා කාලය = කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ 1
පින්වත් තාමර,
අපි නැගුවේ බොහොම පුංචි ප්‍රශ්නයක්. මේ ලිපියේ අඩංගු දහම් කරුණ හෝ අදහස බුද්ධ දේශනා වලින් උපුටා ගන්නා ලද්දක් ද නැතිනම් රචකයාගේ හුදු අදහසක් ද යන වගයි අප අසා සිටියේ.
ඔයා තර්කාන්විත උපමාවකින් මේ ලිපිය සාධාරණීකරණය කරන්න උත්සහයක අරගෙන තියෙනවා. හැබැයි අමතක කරන්න එපා කිසිම විටක බුදු දහම තර්කයට ගෝචර නොවන්නක්. අනික මේ පංතියේ තිබුනු කුණුහරප ලියපු ඩෙස්ක් එකක් පුටුවක් එක්ක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සංසන්දනය කරන්න උත්සහ කිරීමත් ලොකු ප්‍රශ්නාර්ථයක් ‘?’ ක් පමණක්ම ඉතිරි කරවන්නක්.
@Think Different
ඇත්තටම තමර පෙන්වා දීලා තියෙනේ උපමාවක් මිසක් ජය ශ්‍රී මහා බොධින් වහන්සේ සහ ඩෙස්ක් එකක් සමාන කරපු බවක් මට පෙනෙන්නෙ නැහැ. කොහෙද තිබ්බෙ මොකේද තිබ්බෙ හොයන්න කලින් ඒකෙ අදහස ගන්න බලන්න ..ඥාණගොචරව හිතන්න.. ධර්මයට ගැළපෙනවද බලන්න..
වෙනස් විදිහට හිතන එක හොඳයි.. හැබැයි මෝඩයෙක් වගේ හිතන්න එපා..
හරි හරි….. ‘ඔව්’ ද ‘නැහැ’ ද කියල උත්තර දෙන්න පුළුවන් පුංචි ප්‍රශ්නයක් අහපු මම මෝඩයි. එතකොට ඒකට උත්තර නොදී මඟ හරින ඔයාල…. උපමාවන්-උපමේයන් ගැනවත් අදහසක් නැතුව උපමා ගැනහැර දක්වන ඔයාල…..
කොහොම හරි ‘සැඟවුන ශ්‍රී සද්ධර්මය’ කියල පෞද්ගලික මතවාද නම් පතුරුවා හරින්න එපා. පින් සිද්ධ වෙයි. එහෙම නැති වුනොත් සැඟවුන ශ්‍රී සද්ධර්මය සදහටම සැඟවිලා යාවි.
තෙරුවන් සරණයි!!!
මේ වගේ බුද්ධි ගෝචර පහදිලි කිරිමක් කිරිම ගැන මම ස්තුතිවන්ත විය යුතුයි තමර සහෝදරයාට. මෙතන කොහෙවත් ධර්මය විකුර්ති වුන බවක් පෙනෙන්නට නැහැ. හේතු අතුව කරුනු පෙන්නුවාම ඇත්ත දකින්න පුලුවන්.
සාධු සාධු සාධු !!!
@Think Different,
“අනිමිසලෝචන පූජාවේ” ඔබ දන්න දේ මොකද්ද ? ඔබ කියනවානම් මේක පෞද්ගලික අදහසක් කියළා හරිදේ දැනගන්න මම කැමතියි.. ඔබ කියන විදිහට බුද්ධ දේශණාත් සමග. එතකොට හරි දහම මතුකරගන්න පුළුවන්.
@Think Different
සමාවෙන්න ඔබගේ ප්‍රශ්නයක් මග හැරි ගියා නම්.
මෙම ලිපිවලට ප්‍රතිචාර දක්වද්දී මුලින්ම සියල්ල කියවා, එහි එන අදහස පමණක් අරගෙන පිළිතුර දෙනවා නම් ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න මම සූදානම්.
උදා :- පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන ධර්ම කරුනු වලටත් අදහස ගන්නේ නැතුව මෝඩ තර්ක කරන අය ඕන තරම් අපි දකිනවා.
අනිත් එක තමයි මම පෙන්නපු උදාහරණයේ කුණුහරුප ලියපු ඩෙස්ක් එකක් පුටුවක් එක්ක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සංසන්දනය කරන්න උත්සහ ගත්තා නම් ඇයි මට පින්වත් තාමර කියලා කිව්වේ කියළා හිතෙනවා, මම කරලා තියෙන්නේ පව්කාර වැඩක්නේ… (ඒක තමයි කියන්නේ අදහස අරන් තේරුමක් ඇති දේ පමණක් ලියන්න කියලා)
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන මෙම blog එකේම වෙන තැනක ලියවිලා තියෙනවා. අවශ්‍ය නම් විතරක් එකේ අදහස විතරක් ගන්න. ( “බෝධි පූජාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ කොහොමද”) http://blog.hiddendhamma.net/2010/03/boodhi-poojava/
< <අදහස බුද්ධ දේශනා වලින් උපුටා ගන්නා ලද්දක් ද>>
මම මේ ගැන හොයද්දි හම්බ වුනේ පසුව එක්කරපු ආචාර්ය වාද (අපි කවුරුත් දන්න අදහස). මුලික විග්රහයේ තියෙන්නේ “දුතියංචං අනිම්මිසං” කියලා පමණයි. මෙහි එන අදහස මම පැහැදිලි කර ගත්ත්තේ පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගෙන් (උන්වහන්සේගේ ධර්මාවබෝධය ගැන මට අංශුමාත්රයක් වත් සැකයක් නැහැ සහ එම පිළිතුර මගේ නුවණට මැනවින් අවබෝධ වුණා).
මෙම ලිපියේ පෙන්නන මහා කලගුණ සැලකීමටත් වඩා අපි දන්න අදහස (බෝධිය දිහා සතියක් බලන් හිටපු එක) උතුම් කියලා පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා. හැබයි ධර්මයට ගැළපෙන නුවණට අවබෝධ වන විදිහක් විය යුතුයි. අනික සර්වඥයන් වහන්සේ නිකන් සතියක් ගහක් දිහා බලං ඉඳියිද ? (ධර්මයේ සඳහන් වෙනවා කාලය නාස්තිනොකර එකම මගක දෙන්නෙක් නොයා මේ වටිනා ධර්මය පහදන්න කියළා)
@Think Different
මට හිතෙන්නේ ඔබ කරැණු ගොනු කරන්නේ බුද්ධ ධර්මයේ හරය යම් පමණක්වත් දැනගෙන නොවෙයි. මෙතන උපමාවක් උපමේයක් සදහන් වෙන්නේ නෑ. ඔබ තර්ක කරන්නේ හරය ගැන නොවෙයි මතුපිට තිබෙන වචන කාණ්ඩය ගැනයි.
සමග මමත් එකගයි. මොන බුද්ධ දේශනාවේද ඔය කාරණේ තිබ්බේ කියන එක ඔබ කියන්න ඔනේ. අභයාලන්කාර හාමුදුරුවො රහතන් වහන්සේ නමක් ද…? නැත්තන් මාර්ග ඵල ලාභියෙක්ද….? එහෙම නොවේ නම් එයා කියන එවා විශ්වාස කරන්න බෑ. හැබැයි මම අහලා තියෙනවා ඔය හාමුදුරුවො ගණ පිහිටුවලා පිරිත් කියනවා කියලා. ඒක ඇත්තක් නම් ඒ හාමුදුරුවො බුදුදහමට විරුද්ධ කෙනෙක්. තෙරුවණ් සරණයි…….!
Think different සමග මමත් එකගයි. මොන බුද්ධ දේශනාවේද ඔය කාරණේ තිබ්බේ කියන එක ඔබ කියන්න ඔනේ. අභයාලන්කාර හාමුදුරුවො රහතන් වහන්සේ නමක් ද…? නැත්තන් මාර්ග ඵල ලාභියෙක්ද….? එහෙම නොවේ නම් එයා කියන එවා විශ්වාස කරන්න බෑ. හැබැයි මම අහලා තියෙනවා ඔය හාමුදුරුවො ගණ පිහිටුවලා පිරිත් කියනවා කියලා. ඒක ඇත්තක් නම් ඒ හාමුදුරුවො බුදුදහමට විරුද්ධ කෙනෙක්. තෙරුවණ් සරණයි…….!
@සිoහල බෞද්ධයා
ඔබටත් තෙරුවන්ම සරණයි !!!
1.මේ ඔක්කොම
බුදුන්ට අකීකරු
වෙලා. වාදවිවාද
නොකරන්නයි
බුදුන් කිව්වෙ.
2.මෙයට අදාළ
විස්තර එන්නේ
අට්ඨකතා වල
මිස බුදුන්ගේම
වචනයෙන් නොවේ.
3.බුදුන්ගේ සිතූම්
දන්න අය වගේ
තමන්ගෙ වචන දාල
විසතර නොකළ
යුතුයි. බුද්ධ විසය
අපිට සිතාගන්න බෑ අචින්ත්‍යයි.
4.මෙහිදී, කළගුණ
දැනීම හා පෙන්වීම
අතින් උසස්ම කෙනා
බුදුන් බව දැනගැනීම
ප්‍රමාණවත්. කිසිම
දේක අන්තවාදී දැඩි
මතධාරී වෙන්න
එපා.
නිවීමට යන්නෙ
ධර්මය පවා
අත්හැරලයි.
4.ධර්මය හරියට
අල්ල ගන්නව නම්
කිසි ගැටලුවක් නෑ.
වරද්ද ගත්තොත්
අපායට තමයි.
avbodaye hadawal walata maga padewa! katapadam niyaya venas wewa! hoda thrkanukula idiripath kirimak.
තමා දැඩි භක්තියකින් කාලාන්තරයක් තිස්සෙ එල්බගෙන සිටි මතයකට තමාගේම විතක්ශන ප්රක්ඥාවෙන් ඉදිරිපත් කරන මතය පහර ගහන්න පටන් ගත්තොත්, තමා තුල ඇතිවන්නේ පටීඝය. පටීඝයෙන් ද්වෙශය සහ වෛරය. මේ ධර්මතාවයන් සත්වයා අඳ බවට පත් කරනව. ඉතින් අන්ඳ වෙලා තමයි ඊලඟට කියන ඒව කියන්නෙ. මෙතනදි ඔබ නුවනැතියෙක් වෙන්න. භක්තියෙන් ගත් මතය අත්හරින්න. ප්‍රඥාවට ඉඩ දෙන්න. සැමට දහම් සරණයි.
Post a Comment